தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
අග්නිදිග විශ්වවිද්‍යාලයේ විරෝධතා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අග්නිදිග විශ්වවිද්‍යාලයේ විරෝධතා!



පසුගිය කලපරිච්චේදය තුළ වැඩියෙන්ම කතාබහට ලක්වූ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ආයතනයක් ඇත්නම් ඒ ශ‍්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයයි.

දීර්ඝකාලීනව මෙම විශ්වවිද්‍යාලය සමාජයේ කතාබහට ලක්විමට හේතුව වන්නේ වන්දිභට්ටකම් සිදුකරන විශ්වවිද්‍යාල පාලකයන්ගේ ක‍්‍රියාකලාපයයි. අග්නිදිග විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා යනු දේශපාලන පක්ෂ සහ පාට නියෝජනය කරමින් එම කාර්යන් සදහා සහභාගී වීම සහ සහයදීම අරමුණු කරගෙන කටයුතු කරන පාලකයෙකු වේ. මෙසේ දිර්ගකලිනව උපකුලපතිවරයා තම ධුරයේ ක‍්‍රියාපටිපාටින්ට විරුද්ධව කටයුතු කිරීම මත අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඇතිවී ඇති ව්‍යකුලතාවයන් බොහෝය.

එසේ විවාදයට ලක්වූ ඔහුගේ ක‍්‍රියාකලාපයන් මෙසේය
 විශ්වවිද්‍යාලයට හමුදාව සහ පොලිසිය ගෙන්වීම.
 අධ්‍යාපන අයිතීන් ඉල්ලූ විශ්වවිද්‍යාල ශිෂ්‍යන් උපකුලපතිවරයාගේ පැමිණිලි කිරීම් මත පොලිස් අත්අඩංගුවට පත්කිරීම.
 අත්අඩංගුවට ගත් ශිෂ්‍යන් පොලිසිය වෙත ගෙනයාමට විශ්වවිද්‍යාලයේ බස් රථය ලබාදීම .
 අත්තනෝමතික ලෙස විශ්වවිද්‍යාල ශිෂ්‍යන් පන්තිතහනම් කිරීම සහ ශිෂ්‍යභාවය අහෝසි කිරීම .
 ශිෂ්‍ය කටයුතු මධ්‍යස්ථානය ශිෂ්‍යන්ට තහනම් කිරීම .
 සාකච්චා සදහා කැදවූ දෙමව්පියන් පරිපාලන ගොඩනැගිල්ල තුල බලහත්කාරයෙන් රදවාගැනීම .
 වර්ගවාදී ගැටළු ඇතිවන ආකාරයේ ශිෂ්‍යන් බෙදා වෙන්කිරීමට තැත්කිරීම .
 පොදු ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් ශිෂ්‍ය සංගම් පෙනීසිටින අවස්ථාවල ශිෂ්‍යන්ව බෙදා වෙන් කිරිමට විශ්වවිද්‍යාල ශිෂ්‍යන් ප‍්‍රතික්ෂේපිත වරගවාදී නිර්ණායක භාවිතය සහ දේශකවරුන්ට ඒ සදහා බලපෑම් කිරීම .
මෙසේ කාලීනව ඔහුගේ ක‍්‍රියාකලාපයන් මත දැනට විශ්වවිද්‍යාලය තුල ඉතා කණගාටුදායක ආකාරයේ ගැටළු රාශියක් උද්ඝතවී ඇති අතර එම තත්වයන් නිරාකරණය කරගැනීම සදහා ඔහු විසින් කිසිදු සාකච්චාවක් හෝ සිදුකිරීමට මෙතෙක් කිසිදු අයුරකින් කටයුතු කර නැත. එම තත්වය මත තම අයිතිවාසිකම් ලබාගැනීම අරමුණු කොටගෙන මේ වන විට විශ්වවිද්‍යාල ශිෂ්‍යන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ දින 4ක කාලයක් විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලේ රැුදී සිටී. නමුත් උපකුලපතිවරයා දේශපාලන රුස්වීම් සදහා සහභාගිවීම පමණක් අරමුණුකොටගෙන විශ්ව විද්‍යාලයෙන් බැහැරව සිටි. තවදුරටත් මෙම තත්වය මත ශිෂ්‍යන් පරිපාලන ගොඩනැගිල්ලේ රැුදෙමින් විරෝධතා පලකිරීමට තීරණය කර ඇති අතර ඉදිරීයෙදි දැවැන්ත විරෝධතාවයක්ද සිදුකිරීමට තීරණ කර ඇත.