Posted on 01.21.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙන් පසුව නොවැම්බර් 26 වැනිදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව අද(21) අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල වෙත බාර දීමට නියමිතයි.
රාජපක්ෂ හිතවාදි නිලධාරින් විසින් තමන්ට දේශපාලන අනුබලය ලැබෙන බව නිගමනය කරමින් අඟුණකොළපැලැස්ස බන්ධාගාරයේ පාලනයට විරෝධය පළකර උද්ඝෝෂන පැවැත්වූ රැඳවියන්ට ඉතා අමානුෂික ලෙස පහර දෙන ලදී.
සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුව විසින් මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධ විඩියෝ සාක්ෂ්‍ය නිකුත් කර තිබු අතර ඔවුන් ඒ පිළිබඳව පැමිණිලි කිහිපයක්ද ඉදිරිපත් කළේය. ඉන්පසුව විෂය බාර අමාත්‍යවරිය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා කණ්ඩායම් 2ක් පත් කරනු ලැබු අතර බන්ධානාගාර කොමසාරීස් තුෂාර උපුල්දෙණියගේ ප්‍රධානත්වයෙන් පත් කළ කණ්ඩායමේ පරීක්ෂණ වාර්තා අද දිනයේ අමාත්‍යවරිය වෙත ලබා දීමට නියමිතයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිමට පත් කළ දෙවන පරික්ෂණ කමිටුවේ වාර්තාව එළඹෙන 25 වන දිනට ප්‍රථම විෂය බාර අමාත්‍යවරිය වෙත බාර දීමට නියමිත වන අතර මෙම සිද්ධිය පිළිබඳ ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාවෙන්ද, වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
