Posted on 02.19.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළ ආකාරයට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ චූදිතයන් 14 දෙනකුට ඕනෑම මොහොතක එම දඬුවම ලබාදීමට හැකි බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින්වෙ ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.
බන්ධනාගාර වාර්තා අනුව මත්ද්‍රව්‍ය ජාවාරමට වැරදිකරුවන් වී මරණ දඬුවම නියම වූ චූදාතයන් 48 දෙනකු බන්ධනාගාරගතව සිටී. ඉන් 30 දෙනකු අභියාචනා ඉදිරිපත් කර තිබෙන බැවින් ඔවුන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ නොහැකි බවද අමාත්‍යාංශය ජනාධිපතිවරයා වෙත දන්වා ඇත. මේ අනුව 18 දෙනකුට මරණ දඬුවම දිය හැකි වුවත් ඉන් 4 දෙනකුට තවත් චෝදනාවන් යටතේ අධිකරණයේ නඩු විභාග වන බැවින් ඔවුන්ට මේ මොහොතේ මරණ දඬුවම ක්‍රියාත්මක කළ නොහැකිය. මේ අනුව ජනාධිපතිවරයා වෙත යවන ලද මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකි 14 දෙනාගේ නම් අතර පාකිස්තානු ජාතිකයන් 4 දෙනකු හා එක් කාන්තාවක්ද සිටින බව බන්ධනාගාර තොරතුරු හෙළි කරයි.
මින් පෙර මත්ද්‍රව්‍ය චෝදනාවලට මරණ දඩුවම නියමවූවන් පිළිබද වාර්තා අතුරුදන්ව ඇති බව කියනු ලැබිණි. එහෙත් මේ නව තත්වය යටතේ ජනාධිපතිවරයා එම 14 දෙනාට මරණ දඩුවම සදහා අත්සන් කළ යුතුව ඇත. එසේ වුවද මානව හිමිකම් සංවිධාන සහ විශේෂයෙන් බ්‍රිතාන්‍ය රජය වැනි පාර්ශ්ව ගණනක් ලංකාවේ මරණ දණ්ඩනය සක්‍රිය කිරීම ගැන කණස්සල්ල පළ කර ඇත.