தமிழ்
English
Contact
Saturday 21st May 2022    
සිරකරුවන් 13ක් මරණ දඩුවමට පත් කිරීමේ ලේඛනයක! - ඇම්නස්ටි ආයතනය කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිරකරුවන් 13ක් මරණ දඩුවමට පත් කිරීමේ ලේඛනයක! – ඇම්නස්ටි ආයතනය කියයි



ලංකාවේ මරණ දණ්ඩනයට නියම වී සිටින සිරකරුවන් අතුරින් 13 දෙනකු ජනාධිපතිවරයාගේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම යටතේ පෝරකයට යැවීමේ සූදානමක් ඇතැයි ‘ජාත්‍යන්තර ක්සමා සංවිධානය’ පවසයි.

මේ ආකාරයට මරණ දණ්ඩනයට නියම වී නමුත් ජනාධිපතිවරයා විසින් ඒය අනුමත නොකිරීම නිසා සිරකරුවන් විශාල පිරිසක් 1970 දසකයේ සිට සිරගතව සිටින නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීමේ අරමුණින් ඒම දණ්ඩන ක්‍රියාත්මක කිරීමේ අරමුණක් ප්‍රකාශයට පත්කර ඇත. ඒ් අනුව මත්ද්‍රව්‍ය චෝදනා යටතේ මරණ දණ්ඩනයට නියමවූවන් සම්බන්ධව ඒය ක්‍රියාත්මක කිරීමෙන් 1976 සිට අක්‍රිය වූ මරණ දණ්ඩනය සක්‍රිය වේ. ඒහෙත් මෙය ලංකාව විසින් පිළිගත් ජාත්‍යන්තර සම්මුති උල්ලංඝනය කිරීමක් සහ මානව හිමිකම් සම්බන්ධ වෙනස්කමක් බව ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.

මේ වනවිට ලංකාවේ අත්අඩංගුවට ගන්නවුන්ගේ හිමිකම් කඩකිරීම, සිරකරුවන්ට අමානුෂික ලෙස සැලකීම හා වධ දීම ඇතුළු මානව හිමිකම් සම්බන්ධ ගැටලු ගණනාවක් ඇති නමුත් මරණ දණ්ඩනය වැනි බරපතල තත්වයන් වැළකී තිබිණි. ඉදිරියට මරණ දණ්ඩනයට සිරකරුවන් නාමලේඛනයක් සකස් කිරීම සහ ඒම දණ්ඩනය සක්‍රිය කිරීම නිසා ලංකාවේ මානව හිමිකම් තත්වය තවදුරටටත් පිරිහීමක් සළකුණුවන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙති.