Posted on 11.11.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොතලාවල පනතට එරෙහි විරෝධතාවට සහභාගි වීම නිසා අත්අඩංගුවට ගත් සිසු ජන ක්‍රියාකාරීන් පස්දෙනා හෝමාගම මහාධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.
අගෝස්තු 3 වනදා පවතී විරෝධතාවයේදී පොදු දේපළ වලට හානිකළ බවට චෝදනා කරමින් චමීර කොස්වත්ත, කෝෂිලා හංසමාලි, වසන්ත මුදලිගේ, හේෂාන් හර්ෂණ, අමිල සන්දීප යන අය දින 100ට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
මෙයින් පෙ.ස.ප. දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහ සිසුජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලි පොලිසිය නගන චෝදනා වලට සාක්ෂි නොමැතිව අත්අඩංගුවේ තබා ගෙන සිටින ලදී. කෝෂිලා හංසමාලිගේ නම පොලිසිය විසින් කඩුවෙල මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ සඳහන් නොවීමේ තත්වයක්ද තිබුණි.
මීට අමතරව අදාළ විරෝධතාව සංවිධානය කළ ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරයේ ශිෂ්‍ය නායකයන් ලෙස අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ජයවර්ධනපුර මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප මෙන්ම රජරට විශ්වවිද්‍යාලයේ හේෂාන් හර්ෂණ සිදුකළ බව කියන පොදු දේපල අලාභය රු. 179,000ක් බව පොලිසිය පවසා ඇති නමුත් ඒ මුදලට අදාළ අලාභය ගණනය කළ ආකාරය ඔප්පු කිරීමට පොලිසියට නොහැකි තත්වයක් පැවතුනි.