Posted on 10.21.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අද (21 දා) දිනයේ පාසල් නොපැමිණෙන ගුරු විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මාසයේ වැටුප් කප්පාදුවක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසීය.
එවැනි වැටුප් කප්පාදුවක් කිරීමට ජනාධිපතිවරයා හෝ අධ්‍යාපන ඇමැතිවරයා තමාට උපදෙසක් දී නැතැයි ද අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.
ලබන 25 වැනිදා සඳුදා ගුරු විදුහල්පති සියලූදෙනා පැමිණෙන බවට එම වෘත්තීය සංගම් තමාට දැනුම් දී තිබෙන බවත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.
ගුරු වෘත්තීය සංගම්වලින් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී තිබෙන බැවින් සැලසුම් කර තිබෙන පරිදි පාසල් ආරම්භ කර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට හැකියාවක් පවතින බව ද කීය.