Posted on 07.16.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අඟුලාන පොලිසියට විරෝධය පළකරමින් ප්රචණ්ඩ ලෙස කටයුතු කළ බවට චෝදනා කරමින් ප්‍රදේශයේ කාන්තාවන් 7 දෙනකු ඇතුළු 10 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අඟුලාන පොලිසියේ නිලධාරින් විසින් ධීවරයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසියේ නීතිමය ක්‍රියමාර්ග ගැන සෑහීමකට පත් විය නොහැකි බව පළ කරමිනි.
ජූලි 10 වනදා රාත්‍රියේ ලුනාව ප්‍රදේශයේ මාර්ග පරික්ෂාවේ නිරත වී සිටියදී වෙඩි තැබීමකින් මරණයට පත් වූ 39 හැවිරිදි සත් දරු පියකු සම්බන්ධ සිදුවීම නිසි යුක්තිය පසිඳලීමක් වෙක ගෙන යාම සිදු නොවන බව ජනතාවගේ විරෝධයේදී ප්‍රකාශ විය. ඒම වෙඩි තැබීම සිදුව ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධ විමර්ශනයක් අවස්ථාවේ වුවද පොලිස් නිලධාරින් අධික ලෙස බීමත්ව සිටි බව දින සිදුවීම ගැන ජනතාව පවසයි. ඔවුන් විසින් මත්ද්‍රවය කොහේදැයි විමසමින් පුද්ගලයන්ට අයුතු ලෙස පහරදීමක් සිදුකර ඇති අතර ඒයට ඒරෙහිව හඬ නැගීමේදී වෙඩි තබා ඇත. මෙහිදී කේ. අමිත් කරුණාරත්න යන අයට හිසට වෙඩි තබා ඝාතනය කළ බවටත් මියගිය අයගේ සහෝදරයකු මහෙස්ත්‍රාත්වරයා හමුවේ සාක්ෂි ලබා දී තිබේ.
“අපි පස් දෙනෙක් ත්‍රිවිල් දෙකකින් එමත්වෙලාතැනින් යද්දී පොලීසිය අපිව නැවැත්තුවා. පොලිසියෙ අය හොඳටම හිටියේ. අපි ගිය ත්රිවිල්වල ආදායම් බලපත්‍ර පරීක්ෂා කළා. ඉන්පස්සෙ මත්ද්‍රව්‍ය තියෙනවාද විමසමින් යැයි අසමින් මගේ අයියාගේ කලිසම් සාක්කු පරීක්ෂා කළා. ඒ සමග අයියට පාරක් ගැහුවා. පොලිසියේ අය දෙපාරක්ම ගැහුවාට පස්සෙ, ඇයි ගහන්නෙ මොකද කියා විමසීම නිසා අයියට වෙඩි තිබ්බා. මගේ ඔළුවටත් වෙඩි තිබ්බා, මං පාත්වුණු නිසා බේරුණා. මගේ අයියාට නිකරුණේ ගහලා වෙඩි තිබ්බේ.’’ මියගිය අයගේ සොහොයුරු අමිල මහේෂ් කරුණාරත්න එසේ පවසයි.
තවත් ඇසින් දුටු සාක්ෂිකරුවකු වන නදීෂ් ප්‍රනාන්දු ප්‍රකාශ කරන්නේ තමන් පැමිණි ත්‍රිරෝද රථවල ආදායම් බලපත්‍ර පරීක්ෂා කිරීම සඳහා පොලිසිය තමන් නැවැත්වූ බවකි. එහිදී එක් ත්‍රිරෝද රථයක ආදායම් බලපත්‍රය නොමැති නිසා දඩ කොලයක් ලිවීම සඳහා තමන්ව ජීප් රථය කරා කැඳවාගෙන ගිය අවස්ථාවේ පහරදීමක් සිදුව බහින්බස්වීමේදී පොලිසිය වෙඩි තැබීමක් සිදු කළ බවත් ඔහු පවසයි.
(ඡායාරූප- ලංකාදීප)


