Posted on 03.20.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පසුගිය දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝවේ ඇතුලත් නිරුවත් කාන්තාව තමන් විසින්ම සිය ඇඳුම් ගලවා දමා ඇති බව පොලීසිය පවසයි. මත්ද්‍රවය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලද සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම වැළක්වීම සඳහා එම කාන්තාව විසින් එය සිදුකර ඇති බවද පොලීසිය පවසයි.
මෙම සිදුවීම තොටළඟ ප්‍රදේශයේ සිදුවූවකි. ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු පවසා ඇත්තේ එම කාන්තාව පොලීසියට මළ මුත්‍රාවලින් සහ ගල් මුල්වලින් පහරදී ඇති බවයි. එසේම ඇය මත්ද්‍රවය ජාවාරමට ආධාර කර ඇති බව පොලීසිය පවසයි.
එම කාන්තාව පුත්තලම් ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කාන්තාවක් අත්අඩංගුවට ගැනීමේදී පොලීසිය අනුගමනය කළයුතු නිශ්චිත ක්‍රියාමර්ග පවතියි. එසේම යම්කිසි නීති විරෝධී ක්‍රියාවක් සිදුකරන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී එම පුද්ගලයට පහරදීමට පොලීසියට බලයක් නොමැත. නමුත් එම වීඩියෝවේ දැක්වෙන පරිදි එම කාන්තාවට බිම දිගේ ඇදගෙන යමින් පොලු මුගුරුවලින් පහරදෙන පොලිස් නිලධාරීන්ට එරෙහිව ගත් විනය ක්‍රියාමාර්ගයක් ගැන හෝ වාර්තා නොවේ.