අතුරුදන්කළවුන්ගේ ඥාතීහු අගමැතිට විරෝධය පළ කරති!

අගමැති රනිල් වික්‍රමසිංහ මුලතිව් ප්‍රදේශයේ සංචාරය කළ අවස්ථාවේදී අතුරුදන්වීම් සම්බන්ධව විරෝධය පළ කරමින් මුලතිව් ප්‍රදේශයේ වැසියන් පිරිසක් අගමැතිවරයා පැමිණි මාර්ගය හරස් කොට විරෝධතාවක නිරත වූහ.

යුද සමයේදී අතුරුදන් වූවන්ගේ ඥාති පිරිසක් වූ මේ විරෝධතාකරුවෝ ප්‍රකාශ කර සිටියේ සිය ඥාතීන් සොයා දීමටත් ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමටත් ආණ්ඩුව කටයුතු නොකළ බවයි. රනිල් වික්‍රමිංහ ආණ්ඩුව මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් නොදක්වන බවත් ජනාධිපතිවරයා සමඟ පවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළත් යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥාතීන් හා ඒ හා සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට පිහිටුවා ගෙන සිටින සංගම් විසින් රජතමන් රවටන බවද ඔවුහු කියා සිටියහ.

විරෝධතා පුවරු හා බැනර් රැගෙන එම ජනයා විරෝධය පළ කිරීමට පැමිණි පසුව පොලිසිය විසින් ඉවත් කරනු ලැබූ අතර ඔවුහු එම මාර්ගයේ එක් පසෙකට වී ඔවුන්ගේ විරෝධතාව දිගටම පවත්වගෙන ගියහ..

Chandana Sirimalwatte :