தமிழ்
English
Contact
Saturday 4th May 2019    
අතුරුදන්වීමක් ගැන සැකපිට මන්නාරම සහකාර පොලිස් අධිකාරී අත්අඩංගුවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අතුරුදන්වීමක් ගැන සැකපිට මන්නාරම සහකාර පොලිස් අධිකාරී අත්අඩංගුවට



පිඟන් සංස්ථාවේ හිටපු සභාපතිවරයකුගේ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් ඔහු ළඟ සේවය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි යන සිද්ධියකට සැකපිට මන්නාරම සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත මහතා අද (01) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සිද්ධියට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (01) කැඳවනු ලැබ සිටි සහකාර පොලිස් අධිකාරීවරයා ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරව එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

පිගන් සංස්ථාවේ හිටපු සභාපතිවරයකුව සිටි මාකවිට ගමගේ දොන් හැරී යන අයගේ නිවසේ සේවකයකු වශයෙන් සිටි අජිත් සුනන්ද කන්ඩම්බි නැමැත්තා ඉකුත් 2008 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා පිලියන්දල පොලිසියේ අත්අඩංගුවේ සිටියදී පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව මෙම සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එවකට මෙම නිලධාරියා පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කර ඇති බව පොලිසිය කියයි.