Posted on 06.08.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කිරීම හේතවෙන් මර්දනයට ලක් කිරීමේ උත්සාහය ඉදිරියට යමින් තිබේ.
මේ වනවිට පොලිස් මූලස්ථානය විසින් නිකුත්කර ඇති නිවේදනයකට අනුව, සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරන අයකු කිසිදු වරෙන්තුවක් නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින්ට බලය පවරා ඇත්තේ ද්වේශ සහගත ප්‍රචාර ගෙන යාම සම්බන්ධයෙනි.
පෙර පැවති ආකාරයට, අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම පමණක් නොව “මහජනතාව අතර වෛරය හා ද්වේශය පැතිරවීම”ත් වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගත හැකි වරදක් බවය. මේ තර්කය භාවිතා කර ආණ්ඩුවට විරුද්ධ මත දක්වන අයකු පවා කිසිදු වගවිභාගයකින් තොරව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත හැකිය.
මේ අනුව, මාධ්‍ය මර්දනය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කිරීම පාලනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පැහැදිලි වේ.
පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනය පහත පළ කරමු.
