தமிழ்
English
Contact
Friday 3rd May 2019    
අද අයවැය පාර්ලිමේන්තුවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අද අයවැය පාර්ලිමේන්තුවට



2019 වර්ෂය සදහා වූ අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අද(05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

වත්මන් රජයේ පස්වන අයවැය වන මෙය අද පස්වරු 2ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට පෙර අද පෙරවරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

2019 අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550ක් වන අතර රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400ක් ලෙස ගණන් බලා ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව මෙවර අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හතරයි දශම පහක් වන අතර අයවැය පරතරය 2020 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට තුනයි දශම පහ දක්වා අඩුකර ගැනීම ඉලක්ක කර ඇත.

අයවැය දෙවන වර කියවීමේ විවාදය හෙට දිනයේ සිට ලබන 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය මාර්තු මස 13 වන දින සිට අප්‍රේල් මස 05 වන දින දක්වා පැවැත්වෙන අතර එදිනම අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකෙරෙනු ලබයි.