Posted on 04.04.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2019 වසරට අදාළ අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කරන්නේ කෙසේද යන්න ගැන ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය වෙන වෙනම රැස්වී සාකච්ඡා කිරීමට නියමිතය.
හෙට (5) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවේදී එම පක්ෂ නායකයන් රැුස්වී තීන්දුවක් ගැනීමට තීරණය කර තිබේ. අද (4) පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනාධිපතිවරයාගේ හා පක්ෂනායකවරයාගේ ප්රධානත්වයෙන් පැවැත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව සන්ධානයේ ප්රකාශකයකු පැවැසීය.