Posted on 03.07.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මෙවර අයවැයෙන් ජනතාව තුළ සිහින රැසක් ඇතිකර ඇති නමුත් ඒවා යථාර්තයක් වේද යන ගැටලුව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.
එය රටේ ඉදිරි වැඩපිළිවෙල ගැන කතා නොකරන මැතිවරණ පමණක් ඉලක්ක කරගත් අයවැයක් බවත් දැනට සුළුතර ආණ්ඩුවක් ඇති බැවින් එය සම්මත කර ගැනීමද ගැටලුවක් වනු ඇති බව පවසා තිබේ.
එසේම යම් හෙයකින් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පැරදුවහොත් ආණ්ඩුවද අවසන් වන බව පැවසු මහා ලේකම්වරයා ඒ බව දැනගෙන කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ට පවසා ඇත.
ඔහු මේ බව පැවසුවේ ඊයේ(06) නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.