අධ්‍යයන – සුබසාධන ගැටලුවලට විසඳුම් ඉල්ලා කැළණිය සිසුන් විරෝධත්වයක

කැළණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන සහ සුබ සාධන ගැටලුවලට විසඳුම් ඉල්ලා එම විශ්ව විද්‍යාලයේ සිසුන් ය සංවිධානය කළ විරෝධතා පා ගමනක් ඊයේ(12) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැත්වුණි.

ආචාර්යවරුන්ගේ හිඟය විසඳනු, විද්‍යාගාර දේශන ශාලා ආපනශාලාවල ඉඩ පහසුකම් පුළුල් කරනු, යෝජිත නව ක්‍රීඩා උපාධියට සිසුන් බඳවා ගනු වැනි ඉල්ලීම් රැසක් සිසුන් විසින් ඉදිරිපත් කර තිබුණි. සිසුන් මේ ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්චා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසට ඉල්ලා සිටි අවස්ථාවේදී කිසිදු බලධාරියෙකු ඒ සඳහා ඉදිරිපත් වී නොතිබුණි.

එහිදී අදහස් දැක්වූ කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දමිත් සූරියසේකර අදහස් දක්වමින් “අපි ආවේ බැරියර් පෙරලන්න නෙමෙයි. අපි ආවේ විශ්ව විද්‍යාල බලධාරීන් කපා දැමූ අපේ අයිතීන් ඉල්ලන්නයි. පාලකයන්ගේ බලය පිළිබඳ ප්‍රශ්න අපිට වැඩක් නැහැ. කැලණිය විශ්ව විද්‍යාලයේ 10000 ක් පමණ අධ්‍යපනය ලබනවා. නමුත් ප්‍රමාණවත් තරම් නේවාසිකාගාර පහසුකම් නැහැ. දේශන ශාලාවල ඉඩ නැහැ. ගෙන ගන්න ගියත් ආචාර්යවරු නැහැ. අපි ඉල්ලන්නේ අපිට ඉගෙන ගන්න අයිතිය ලබාදෙන්න කියලයි. “

Sithara Sajeewani :