Posted on 12.30.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අධ්‍යාපන සේවක සමුපකාර සමිතිය අතුරු පාලක මණ්ඩලයක් මඟින් පාලනය කළ 2011 සිට 2015 දක්වා වු කාලය තුළ රු.කෝටි 5000 කට අධික මූල්‍ය හානි පිළිබඳව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ප‍්‍රකාශ කරයි.
අධ්‍යාපන සේවක සමූපකාරය වාර්ෂිකව රුපියල් කෝටි 2228 ක ආදායමක් ලැබිය යුතු නමුත් එම අතුරු පාලක මණ්ඩලය මඟින් පාලනය කළ කාලය තුළ ලැබී ඇත්තේ රුපියල් කෝටි 1317 ක මුදලක් පමණක් බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා පවසයි. ඔහු මේ බව පැවසුවේ කොළඹ මහජන පුස්තකාලයේ අද (30) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි. අධ්‍යාපන සේවක සමූපකාරයේ සමස්ත සාමාජිකත්වය වන රටපුරා විසිර සිටින ලක්ෂ දෙකකට ආසන්න ගුරුවරුන් වෙත කරන ලද හානියක් සේ සළකා මෙම මුල්‍ය හානි සම්බන්ධයෙන් නීතියෙන් පියවර ගන්නා බව ද ඔහු කියා සිටියේය.