Posted on 04.06.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප සියයට 15 ක් කපා හැරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරීය ඊයේ (5) තීන්දු කර තිබේ.
ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට අප්‍රේල් මාසයේ සිට ලබා දෙන්නේ ඉකුත් මාර්තු මාසයේ ඔවුන් ලබාගත් වැටුපෙන් සියයට 85 ක ප්‍රමාණයක් වන අතර ඒ සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරිය චක්‍රලේඛනයක් නිකුත් කර තිබිණි.
ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට ඉකුත් 2015 වසරේ සිට නව වැටුප් තලයක් ලබා දීම නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් මත ඔවුන්ගේ වැටුප එලෙස අඩු කිරීමට තීරණය කළ බව ලංවීම ආරංචි මාර්ග සඳහන් කරයි.