‘අනාගතය උදෙසා සටන් කරමු!’ – නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය

මාර්තු 08 වැනි (අද) දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය'(Free Women!) විසින් කොළඹ විරෝධතා පෙළපාලියක් හා රැස්වීමක් සංවිධානය කර තිබිණි.
කාන්තාව රවටා ව්‍යාජ ප්‍රශංසාවකට ලක් කරණ සාම්ප‍්‍රදායික කාන්තා දින සැමරුම් උත්සව වලින් මිදී, ”අනාගතය උදෙසා සටන් කරමු!” (Fight for Future!) යන තේමාව ඔස්සේ සංවිධානය කරන ලද එම උද්ඝෝෂණ පෙළපාලිය සවස 3.00ට කොළඹ කොම්පඤ්ඤ වීදියෙන් ආරම්භ වී පිටකොටුව දක්වා පැමිණීයේය. ඉන්පසුව විරෝධතා රැස්වීම ආරම්භ විය. මෙහි දැක්වෙන්නේ එම විරෝධතා පෙළපාළියේ සේයා රූ කිහිපයකි.

Chandana Sirimalwatte :