අනුරට ඒ බොලේ ගිල්ලවන්න අමාරුයි ! – මහින්ද රාජපක්ෂ

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකට බෝල ගිල්ලවන්න අමාරු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව පැවසුවේ අනුර දිසානායකට මැජික් බෝලයක් ගිල්ලවපු කතාවක් විමල් වීරවංශ මන්ත්‍රිවරයා විසින් කරණ ලද ප්‍රකාශය ගැන මාධ්‍යවේදියකු කළ විමසීමකට පිළිතුරු වශයෙනි. මාධ්‍යවේදියකු විසින් කළ විමසීමකදීය. විමල් වීරවංශ මන්ත්‍රිවරයා රැස්වීමක් අමතමින් පවසා තිබුණේ ජ.වි.පෙ. විසින් මහින්දගෙ මැජික් බෝල ගැන කියමින් සිටි බවද දැන් මහින්ද රාජපක්ෂ විසින් ජ.වි.පෙ. නායකයාට එම මැජික් බෝලයක් ගිල්ලවා ඇති බවකි.

ජ.වි.පෙ. නායක අනුර දිසානායක, පාර්ලිමේන්තු නියෝජිතයන්වන විජිත හේරත් සහ සුනිල් හදුන්නෙත්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 20 වැනි සංශෝධනයක යෝජනාවට සහාය ලබා ගැනීම පිණිස මාර්තු 6 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡා පැවැත්වීය. හිටපු ජනාධිපතිවරයා සමග පාර්ලිමේන්තු නියෝජිතයන්වන ඩලස් අලහප්පෙරුම හා දිනේෂ් ගුණවර්ධන සාකච්ඡාවට එක්ව සිටියහ. මාස කිහිපයකට පෙරාතුව 20 වැනි සංශෝධනය යෝජනා කළ පළමු වටයේදී එකගතාව පළ කරමින් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා පසුව එයට කැමැත්තක් නැති බවට අදහස් පළ කර තිබිණි. ජවි.පෙ. නියෝජිතයන් හමුවීමෙන් පසුව නැවත වරක් විධායක ජනාධිපතිධුරයට එකග නැති බවක් සරල වශයෙන් ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපතිවරයා ජ.වි.පෙ. සමග එකග බවට ඉගියක් පළකර ඇත.

Chandana Sirimalwatte :