Posted on 07.16.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පසුගිය ඔක්තෝබරයේ සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝණය කළ 50,184කු අත් අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට 43,000කට පමණ අධිකරණයේ නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
පවතින කොවිඩ් තත්වය හමුවේ මෙරට නිරෝධායන නීති කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන බවත් ඒවා උල්ලංඝණය නිසා මාස හයක සිර දඬුවමක් හෝ රුපියල් 10,000ක දඩයක් ද නියම කිරිමට නීති සම්පාදනය කර ඇති බවද පොලීසිය පවසයි.
එහෙත් මේ වනවිට නිරෝධායන නීතිය වසංගත පාලනයට යොදාගන්නා සෞඛ්‍ය ක්‍රියාමාර්ගයක් ලෙස නොව සාමාන්‍ය ජනතාව මර්දනයට යොදාගන්නා මෙවලමක් ලෙස බාවිතා කරන බවට චෝදනා එල්ල වී තිබේ.
පසුගිය කාලයේදී ආණ්ඩුවේ හිතවතුන් සහ ආණ්ඩුවේ ඇමතිවරු ඉතා ප්‍රසිද්ධියේ නිරෝධායන නීති උල්ලංඝණය කරනු දැකිය හැකි වුවත් ඒ කිසිවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූවේ නැත. නමුත් නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව පසුගිය දිනවල පැවති මහජන විරෝධතා කිහිපයක්ම පොලීසිය විසින් මර්දනය කරනු ලැබුවේ නිරෝධායන නීතිය යොදාගෙන සහ එම නීතියද ඉක්මවා යමිනි.