Posted on 07.14.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසු බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කළ 16 දෙනාත් කොවිඩ් ආසාදිතයන් නොවන බව PCR පරීක්ෂණ හරහා සනාථ වී තිබේ.
පසුගිය 8වනදා පාර්ලිම්නේතු වටරවුමේ පැවති කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණයේදී කම්කරු නායකයන්, ශිෂ්‍යන් සහ දේශපාලන ක්රියාකාරිකයන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප හිමිවී තිබුණි. නමුත් පසුව පොලීසිය විසින් එම පිරිස බලහත්කාරයෙන් බස් රථයක් වෙත පටවා නිරෝධායනයට රැගෙන යන බව පවසා ඔවුන් ගෙන යන තැනක් හෝ සඳහන් නොකරමින් රැගෙන ගොස් තිබුණි. පසුව ඔවුන් මුලතිව් ගුවන් හමුදා කඳවුරක රඳවා ඇති බව හෙළිවිය.
ඔවුන් නිරෝධායනය සඳහා යොමුකරනු ලැබුවේ කිසිදු පදනමකින් තොරවයි. දැන් ඔවුන්ගේ PCR පරීක්ෂණ ප්‍රථිපල පැමිණ ඇති නිසා තවදුරටත් රඳවා තබා ගැනීමේ කිසිදු හේතුවක් නොමැති බා පැහැදිලිය.