අභියාචනාධිකරණයේ සභාපතිධුරයට ජනාධිපතිගේ යෝජනාව දෙවැනි වරටත් ප්‍රතික්ෂේපයි!

අභියාචනාධිකරණයේ සභාපතිධූරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යෝජනා කළ විනිසුරුවරයාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් දෙවැනි වතාවටත් ප්‍රතික්ෂේප කර තිබේ.

අභියාචනාධිකරණය සභාපතිධූරය සඳහා මීට පෙර එවන ලදුව ඒ අවස්ථාවේ ප්‍රතික්ෂේප වූ නම යළිත් වතාවක් සති දෙකකට පසු ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට  එවා ඇත.

අභියාචනාධිකරණ සභාපති පුරප්පාඩුව ගැන ව්‍යවස්ථාදායක සභාවේ දිර්ඝ ලෙස සාකච්ඡා කළ පසුව ජනාධිපතිවරයා එවූ නම ප්‍රතික්ෂේප කරනු ලැබු බව ව්‍යස්ථාදායක සභාවේ ආරංචිමාර්ග පවසයි. ඊයේ කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සියලු සාමාජිකයෝ ඒ රැස්වීමට සහභාගී වී සිටියහ.

 

 

Chandana Sirimalwatte :