අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රී පොලිසිය, හමුදාව සහ සන්නද්ධ කණ්ඩායමක් අතර ඇතිවූ ගැටුමින් පසු පුපුරවා ගැනීම් 03ක් සිදුව තිබේ. එම පුපුරවාගැනීම්වලින් දිවි නසාගත්තේ යැයි සැකකෙරෙන 15 දෙනෙකුගේ මළසිරුරු අද (27) උදෑසන සොයාගන්නා ලදී.
මියගිය අය අතර පිරිමි 6 දෙනෙක්, කාන්තාවෝ තිදෙනෙක් සහ ළමෝ 6 දෙනෙක් සිටිති. ගැටුමින් සහ පිපිරීම්වලින් තුවාල ලැබූ තවත් තිදෙනෙකු අම්පාර රෝහල්වලට ඇතුළත් කරනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
සයින්දමර්දු ප්‍රදේශයට ඊයේ (26) රාත්‍රී පනවන ලද ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක වේ.