අම්පාර කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ පොලිසිය හා විශේෂ කාර්ය බලකාය විසින් කළ සෝදිසි මෙහෙයුමක් අතරතුර කිසියම් වෙඩිතැබිමක් සිදුවීමෙන් පසුව යුද හමුදාව කැදවා ඇත.
මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් විසින් භාවිත කළ ස්තානයක් ලෙස දෙනු ලැබූ තෙරතුරක් අනුව කළ සෝදිසි මෙහෙයුමේදි පුපුරණ ද්‍රව්‍ය සහ ඒ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය රැසක් තිබු ගබඩාවක් සොයා ගෙන ඇත. එසේම එහි තිබි ත්‍රස්තවාදීන් භාවිත කළ නිල ඇදුම් වැනි ඇදුම්ද ඔවුන්ගේ ලංජනය සඳහන් කොඩියක්ද හමු වී තිබේ. මෙය අන්තර්ජාලයට නිකුත්කළ වීඩියෝ පටය සදහා ඔවුන් යොදාගත් පසුබිම් කොඩිය වන්නට ඇතැයි සැක කෙරේ.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තුත් මාධ්‍ය වෙත පවසන ආකාරයට සෝදිසි මෙහෙයුම් සිදු කළ අවස්ථාවේ කල්මුනේ ප්‍රදේශයෙන් පිපිරීම් හඬක් ඇසුනු බැවින් වැටලීමක් සිදුකළ බවය. ඉන්පසුව යුද හමුදාව වෙත වෙඩි තැබු කිසියම් පිරිසක් හා වෙඩි හුවමාරුවක් සිදු වු බවත් ඒ අනුව එම ස්ථානයේ ත්‍රස්තවාදීන් 3ත් 6ත් අතර පිරිසක් සිටිය හැකි බවට විශ්වාස කරන බව හමුදා මාධය ප්‍රකාශක පවසයි. මේ වනවිටත් ප්‍රද්ශයේ මෙහෙයුම් සිදුකරන බැවින් වෙඩි හුවමාරුවක් සිදුවන බවද වහාම ක්‍රියාත්මක වන පරිදිද ඇදිරි නීතිය පනවා ඇති බවද වාර්තා වේ.