Posted on 04.15.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ බවද අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සුදුසුකම් සහිත එකම පුද්ගලයාද ඔහු බව අැමති රවී කරුණානායක පවසයි.
ඒක්සත් ජාතික පක්ෂයේ නායකයන් වීමට ඇතැමුන් අම්මා තාත්තාගෙ නම පාවිච්චි කරන බවද ඒවැනි දේ ඉවසීමේ සීමාවක් ඇති බවද ඇමතිවරයා පැවසීය. ඔහු මේ බව පැවසුවේ මඩකලපුව ප්‍රදේශයේදී මාධ්‍යවේදින් අමතමිනි.
අසත්‍ය ප්‍රචාර පතුරවමින් එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුද ඇති කිරීමට ඇතැම් කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව රවී කරුණානායක මන්ත්‍රිවරයා ඒහිදී ප්‍රකාශ කළේය.