Posted on 03.24.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කැබිනට් මණ්ඩලය අවාසිදායක තීරණ ගන්න බවත් කයිවාරුව මිස ප්‍රතිඵලදායක යමක් නොකරන බවත් අැමති රවි කරුණානායක පවසයි.
ඊයේ (23) පාර්ලිමේන්තුව අමතමින් අැමතිවරයා මේ වාග් ප්‍රහාරය තමන් අැතුළත් කැබිනට් මණ්ඩලයට ඒල්ල කළේය. තමාද අැතුළත්ව අැමති මණ්ඩලය 2015 සිට සිදුකළ ෙද් සම්බන්ධව ඔහු ෙම් ප්‍රකාශය සිදුකර අැත.
“අපට විශ්වාස භංග යෝජනා ගේනවා.දෝෂාභියෝග ගේනවා.නමුත් ඒකෙන් මේ රටේ තියෙන බැරෑරුම් ප්‍රශ්න විසදෙනවාද?රුපියල අව ප්‍රමාණය වීම සඳහා බලපාන්නේ කවුද දේශපාලනඥයින්ද කැබිනට් මණ්ඩලයද ජනාධිපතිද අගමැතිද නැහැ. මෙතෙක් දුර බොහොම ආඩම්බරයෙන් හිතුමතේ තමන්ගෙම පාලනයක් කියා කටයුතු කරන මහ බැංකුවයි. මහ බැංකුව කියන කියන කියන විදියට වැඩ කරලා තියෙනවා නම් මෙහෙම රුපියල බාල්දු වෙනවාද.මේකට දේශපාලනය ඇගිලි ගැහුවේ නැහැ කියනවානම් කොහොමද ඩොලර් එක රුපියල් 158 ට ඇවිත් තියෙන්නේ. අපිට අපි ගැනම ස්වයං විවේචනයක් සිදු කිරීම අවශ්‍යයි.”
පාර්ලිමේන්තුව අමතමින් මෙවැනි ප්‍රකාශ නිකුත් කළ නමුත් රවි කරුණායක අැමතිවරයාට අැමති මණ්ඩලය සම්බන්ධ විවේචනයෙන් ගැලවෙන්නට නොහැකිය. බැදුම්කර වංචාව දක්වා අැමති මණ්ඩලයට වගකීමක් තමන්ටද අැති බව අැමතිවරයා ප්‍රකාශ කර නැ.