தமிழ்
English
Contact
Monday 23rd May 2022    
අමිල ජීවන්ත පීරිස් පියනමට විදේශ ගමන් තහනමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අමිල ජීවන්ත පීරිස් පියනමට විදේශ ගමන් තහනමක්!



ගෝල්ෆේස් අරගල භූමියේ සිටින අමිල ජීවන්ත පීරිස් පියනමට විදේශ ගමන් තහනමක් පනවන්නට අධිකරණය නියෝගකර ඇත.

කෙසේවෙතත්, මෙම සිදුවීම සම්බන්ධ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු අනුව මහෙස්ත‍්‍රාත් විසින් ඔහුගේ විදේශ ගමන් තතහනම්කර ඇත.

පසුගිය 9 වැනිදා මහින්ද රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණ විසින් අරලියගහ මන්දිරයට ගෙන්වා ගාලු මුවදොර ගෝටාගෝගම වෙත එල්ල කළ ප‍්‍රහාරයේදී පුෂ්පලාල් නමැති පොදුජන පෙරමුණේ පළාත්පාලන මන්ත‍්‍රීවරයකු විසින් පියනමක් වෙත පහර දෙන අවස්ථාව ඡුායාරූප ප‍්‍රසිද්ධියට පත් විය. එහෙත් එම ප‍්‍රහාරකයන් ඡුායාරූප සාක්ෂි ඇතිව ඉදිරිපත් කළද අත්අඩංගුවට ගෙන නැත. මේ වනවිට ගෝටාගෝගම ප‍්‍රහාරයට පැමිණි පුද්ගලයන අතුරින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 15 දෙනකු පමණකි. නමුත් එම ප‍්‍රහාරය නිසා කෝප වී පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ට එල්ල කළ ප‍්‍රහාරය හේතුවෙන් එක්දහස් පන්සීයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය මේ ආකාරයට නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී දෙබිඩි අයුක්ති සහගත පිළිවෙතක් අනුගමනය කිරීම මහජන විරෝධයට හේතු වී ඇත.