Posted on 05.13.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මැයි 9 වැනිදා හිටපු අගමැතිවරයාගේ ආධාරකරුවන් ලෙස සැක කොට ප්‍රහාරයට ලක් වූ බස්රියක සිට පළා ගිය වටරැක බන්ධනාගාරයේ රැඳවියන් 32කු භාර වී ඇත.
එදින අරලියගහ මන්දිරයේ පැවති හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ රැස්වීමෙන් පසුව ගාලුමුවදොර පිටියට පහරදුන් පොදුජන පෙරමුණේ මැර පිරිසට අයත් යැයි සැක කර තලංගමදී ප්රදේශවාසින්ගේ ප්‍රහාරයට ලක් වූ එම බස්රථයේ සිටි රැඳවියන්ගෙන් 58 දෙනකු පළා ගොස් තිබිණි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්තාපන) චන්දන ඒකනායක අද (13) මාධ්‍ය වෙත පවසා තිබුණේ ඔවුන් එම බන්ධනාගාරය වෙත නැවත භාරවී ඇති බවය.
කෙසේවෙතත්, එම අවස්ථාවේදී පලාගිය තවත් සිරකරුවන් 26 ක් අතුරුදහන්ව සිටින බව අනාවරණය වේ. කොළඹ වැඩබිම්වල සේවයට පැමිණ සිටි සිරකරුවන් 181 දෙනෙකු නැවත වටරැක බන්ධනාගාරය වෙත රැගෙන යාමේදී තලංගම ප්‍රදේශයේදී කිසියම් පිරිසක් බස් රථ නවත්වා සිරකරුවන්ට, නිලධාරින්ට සහ බස් රථවලටත් පහර දී තිබුණි.
පොදුජන පෙරමුණේ ඇතැම් මැරයන් විසින් හැඳ සිටි ඇඳුමට සමාන ඇඳුමක් මෙම පිරිසට වැඩ කිරීම සඳහා ලබා දී තිබුණු බව බන්ධනාගාර මාධය ප්‍රකාශක පවසා ඇත.