Posted on 03.07.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කටුනායක ගුවන් තොටුපළට ගොඩබා තිබෙන භාණ්ඩ තොගය පරික්ෂා කිරීමකින් තොරව කටුනායක ගුවන්තොටුපළේ තැබීමට ආරක්ෂක අමාත්‍යංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ අවසරය ලැබී ඇති බව වාර්තා වේ.
අද(07) ගොඩ බා ඇති මෙමෙ බඩු තොගය ගුවන්තොටුපළ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුව රේගුව විසින් පරික්ෂා කිරීමට සුදානම් වූ මොහොතේ එලෙස පරික්ෂා කිරීමට ඉඩ ලබාදී නැත.
ඒ පිලිබඳ අගමැතිවරයාගෙන් විමසන ලෙස භාණ්ඩ සමඟ පැමිණි පුද්ගලයන් රෙගු නිලධාරීන්ට පවසා ඇත.
මහින්ද රාජපක්ෂ පාලනය සමයේ අත්සන් කළ ආරක්ෂක සහාය ගිවිසුම අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මිලිටරි භාණ්ඩ ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීම නිසා ලංකාවේ ස්වාධිපත්‍ය උල්ලංඝනය කිරීමක් සහ ජනතාව ආරක්ෂක අවදානමකට ඇද දමා ඇති බව අපි මීට පෙර වාර්තා කළෙමු .
අනිත් අතින් සිවිල් ගුවන් සේවා නීති හා ප්රඥප්ති අනුව, මගී ගුවන් සේවා පවතින ගුවන් තොටුපළ මිලිටරි කටයුතු සදහා භාවිතය අතිශය අවදානම් තත්වයක් ඇතිකරන අතර අමෙරිකන් හමුදාවට සැපයුම් පිණිස ලංකාවේ කීර්තිමත් ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිතයට පහසුකම් ලබාදීම නිසා එම තත්වය ඇතිවී තිබේ.
එක්සත් ජනපදයට මිලිටරි සහාය සදහා රාජපක්ෂ පාලන සමයේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ විසින් එවකට අමෙරිකන් තානාපති රොබට් ඕ බ්ලේක් සමග අත්සන් කළ ගිවිසුම අනුව වත්මන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවද කටයුතු කරයි.