Posted on 04.08.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, ජපානය, ප්‍රංශය සහ ඉන්දියාවේ සහභාගීත්වයෙන් නාවික යුද අභ්‍යාසක් ආරම්භ කර අැත..
‘ක්වඩ්’ සංවිධානයට අයත් රටවල නාවික හමුදාවල ශක්තිය වැඩි කර ගැනීමටත් සාමාජික රටවල නාවික හමුදා අතර සම්බන්ධතා ශක්ති කරගැනීමේත් අරමුණ ඇතිව ඉන්දීය සාගර කලාපයේ නැගෙනහිර පෙදෙසේ දී සඳුදා මෙම නාවික යුද අභ්‍යාස ආරම්භ කර අැත. ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය සහ ඔස්ට්‍රේලියාවේ මූලිකත්වයෙන් චතුර් ආරක්ෂක සංවාදය ආරම්භ කරන ලද සංවිධානය‘ක්වඩ්’ යන කෙටි නාමයෙන් හැඳින්වේ. එය මුල්වරට කරළියට පිවිසියේ 2017 වසරේ දී ය.
චීනය විසින් අෙමරිකා ඒක්සත් ජනදපය අභිභවා ඉන්දීය සාගර කලාපය තුළ සිය මැදිහත්වීම ශක්තිමත් කරගැනීමට උත්සාහ කරන අවස්ථාවක මෙම යුද අභ්‍යාස ආරම්භ විය.
ම් යටෙත් ප්‍රංශයේ මූලිකත්වයෙන් ද යුද අභ්‍යාසයක් ආරම්භ වන අතර ඒ සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකා දෙකක් ද දිගු දුර සාගර මුර සංචාරවලට යොදා තිබෙන ගුවන් යානයක් ද යොදාගැනේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය නාවික හමුදාවේ ප්‍රකාශක අණදෙන නිලධාරී විවේක් මාද්වාල් පැවැසූෙව් ඉන්දුය හා ශාන්තිකර කලාපයේ සියලුදෙනාගේ සහභාගීත්වය පවත්වාගෙන යෑමටත් එම කලාපය සියලු දෙනාට විවෘත සහ ජාත්‍යන්තර සම්මතයටත් නීතිවලටත් යටත් කලාපයක් බවටත් පත් කිරීමට අප කැප වී සිටින බවය.