Posted on 06.15.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව මෙරට සංචාරය කළ එක්සත් ජනපද ඔත්තු සේවාවලට පසුව දැන් ඉන්දිය ආරක්ෂක හමුදා කණ්ඩායමක් නිරීක්ෂණ චාරිකාවක නිරත වී සිටිති.
එක්සත් ජනපද හමුදා සහ ඔත්තු සේවා සාමාජිකයන් පසුගිය අන්තවාදී ප්‍රහාරවලට පසුව එවැනි ප්‍රහාර වැළැක්වීමේ කටයුතු වෙනුවෙන් ලංකාවේ ආරක්ෂක අංශවලට සහාය පිණිස බව ප්‍රකාශ විය. ප්‍රහාරය දඩමීමා කරගෙන විදේශ ඔත්තු සේවාවන් ලංකාවේ කටයුතුවලට ඇගිලි ගසන්නට මැදිහත් විය. ප්‍රහාරයට පිළිබද තොරතුරු ලංකාවේ ආරක්ෂක ඔත්තු සේවාවලට සපයා කිබුනේ ඉන්දිය ඔත්තු සේවා විසිනි. මෙහිදී ලංකාවේ ක්‍රියාත්මකවන ඉන්දිය ඔත්තු සේවාව කොතරම් කාර්යක්ෂමද යන්න අනාවරණය විය. කෙසේවෙතත් මේ වනවිට ලංකාවේ අන්තවාදී ප්‍රහාර හේතුවෙන් විවිධ රටවල ඔත්තු සේවා හා ආරක්ෂක අංශ සාමාජිකයන් මෙරටට පැමිණෙමින් සිය අරමුණු වෙනුවෙන් කටයුතු කරමින් සිටී.
ඉන්දිය ඔත්තු සේවා ලකංවේ දීර්ඝ කාලීන යුද්ධයට පෙරාතුව තමිල් සන්නද්ධ සටන්කාමින් පුහුණු කරමින් යුද්ධයට මග පෑදු බව නොරහසකි. මේ වනවිට ලංකාවේ ක්‍රියාත්මක ඉන්දිය ඔත්තු සේවාවන්ට අමතරව යුද හමුදා සාමාජිකයන් 94ක්, නාවික භටයන් 32ක් සහ ගුවන් භටයන් 32ක්
සංචාරය කරන්නේ කුමන අරමුණකින්ද යන්න අනාවරණය වී නැත. ඔවුන් විසින්ද ජූනි 16 දක්වා දකුණු පළාතේ සහ මාධ්‍යම කදුකරයේ උපායමාර්ගික ස්ථාන නිරීක්ෂණයක නිරතවන බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම ප්රවණතාවයේ තීරණාත්මක බව හා අවධානය වෙනතක හරවමින් ලංකාවේ සොල්දාදුවන් 162ක් ඉන්දියාවේ නිරීක්ෂන චාරිකාවක යෙදෙන බවට ආරක්ෂක අමාතයංශය නිවේදනය කර තිබේ.