Posted on 11.29.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ඇමති මන්ඩලය සිය පළමු රැස්වීමේදීම ප්‍රකාශයට පත් කළ බදු සහන හුදු ඡන්ද ගුණ්ඩු බව දේශපාලන අංශවල කතාබහට ලක්ව තිබේ.
විශේෂයෙන් විශාල ණයබරක් සහිතව ආණ්ඩුව ගෙනයන බව පරාජිත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට විවචෙන එල්ල කලේ ඇමති මණ්ඩලයේ පිරිසමය. ආර්තික අර්බුදය විසින් අලුතින් පත්වන ආණ්ඩුවක් මහත් දුෂ්කරතාවලට මුහුණ දෙන්නට නියමිත බව ආර්ථික විශ්ලේෂකයන් විසින් අනාවැකි පළ කර තිබිණි. රජයේ දවසක ආදායම රුපියල් බිලියන 5.2ක් වනවිට වියදම රුපියල් බිලියන 7.2ක් වන බව රජයේ ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමති බන්දුල ගුණවර්ධන පවසයි.
ඇමතිවරයා පවසන ආකාරයට ගතවන සෑම දිනයකම රජයේ ආදායම සහ වියදම අතර පරතරය රුපියල් කෝටි 200 කි. මෙම ගණනය කිරීම් තිබියදී ආණඩ්ුවේ කැබිනට් මණ්ඩලය විසින් බදු සහන රැසක් හඳුන්වා දෙන ලදී. එහෙත් එම බදු අඩු කිරීමෙන් අහිමිවන ආදායම් පියවා ගන්නා ආකාරය පිළිබඳව ඇමති මණ්ඩලය ගත් තීරණ ප්‍රකාශයට පත් නොවීය. එසේමම මහමැතිවරණය දක්වාම අන්තර්වාර ආණ්ඩුවේ අයවැයක් ප්රකාහයට පත් නොවන බවද අනාවරණය වී ඇත. කෙසේවෙතත් ආණ්ඩුව ලබාදුන් බදු සහන මහමැතිවරණයෙන් පසුව එන අයවැය දක්වා පවතිනු ඇති බවත් මහමැතිවරණයේදී ජනතා ප්‍රසාදය හරහා ඡන්ද ලබාගැනීමට පොදුජන පක්ෂයේ ඡන්ද ගුණ්ඩුවක් බවද දේශපාලන මත පළ වී තිබේ.