Posted on 03.06.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මෙවර ඉදිරිපත් කළ අයවැය යෝජනා හරහා මෝටර් රථ වාහන සඳහා වන නිෂ්පාදන බදු සහ සුඛෝපබෝගී වාහන බදු අද සිට ඉහළ නංවා ඇති බව පැවසේ.
ඒ අනුව සිලින්ඩර් ධාරිතාව 800ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් එක්ලක්ෂ 50,000 කින් සහ සිලින්ඩර් ධාරිතාව 1000ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් එක්ලක්ෂ 75,000 කින් ඉහළ නැංවෙනු ඇති.
සිලින්ඩර ධාරිතාව 1300ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද වැඩිකර ඇත්තේ රුපියල් ලක්ෂ 5කින්.
එසේම සිලින්ඩර ධාරිතාව 800ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහනවල නිෂ්පාදන බද්ද රුපියල් දෙලක්ෂ පන්ස්දාහකින් සහ 1500ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන මත නිෂ්පාදන බද්ද රුපියල් ලක්ෂ 5න් ඉහළ නංවා ඇති බවයි.
ත්‍රීරෝද රථ නිෂ්පාදන බද්ද ඉහළ නංවා ඇත්තේ රුපියල් 60000කින්. ආණ්ඩුවේ එලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා හඳුන්වා දීමේ වැඩපිළිවෙල සනාථ කරමින් කිලෝවොට් 70ක් ධාරිතාවෙන් යුත් විදුලි මෝටර් රථ මත පනවා ඇති නිෂ්පාදන බද්ද රුපියල් එක්ලක්ෂ 75,000කින් අඩු කර තිබේ.
නිෂ්පාදන බදු වැඩිකිරීමත් සමඟ වැගන් ආර් රථයක්, රුපියල් දෙලක්ෂ පනස් දහසකින් ඉහළ යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එසේම ඇල්ටෝ රථයක් රුපියල් ලක්ෂ එකහමාරකින්, ඇක්සියෝ සහ ඇක්වා රථයක් රුපියල් ලක්ෂ 6කින් පමණ ඉහළ යන බව පැවසේ.