Posted on 09.25.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2022 සඳහා වන අයවැයෙන් රජයේ බදු ප්‍රතිපත්තියේ පුළුල් වෙනසක් සිදු කරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ට දැනුම් දී ඇත.
සැප්තැම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙවර අයවැය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මැදල් ඇමතිවරයා පැවැත්වූ රැස්වීමේදී මේ බව ප්‍රකාශ කර ඇත. සිය අයවැය යෝජනාවලියේදී දේශීය නිෂ්පාදකයා දිරිගන්වන සහ දුප්පත් ජනතාව මත බර නොදමන බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව ද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.
අයවැය ඉදිරිපත් කිරීමේදී මේ දක්වා ආණ්ඩුව මුහුණ දී ඇති විනිමය හිගය සම්බන්ධ මෙන්ම ණය අර්බුදය සම්බන්ධ විසඳුම් ඉදිරිපත් කෙරෙනු ඇති බවට අනුමාන කෙරේ. විශේෂයෙන් මේ දක්වා චීනයේ මුල්‍ය පහසුකම්, ණය සහ ආධාර මත පවත්වාගෙන ගිය මෙරට ආර්ථිකය පවතින අර්බුදයෙන් ගොඩ ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය සංවිධානවල අවධානය යටතේ වැඩපිළිවෙළකට යාමට ආණ්ඩුවේ අවදානය යොමු වේ යැයි ආර්ථික විශ්ලේෂකයන් අනුමනා කර ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම වැනි අදහස් මෙහිදී භාවිතයට ගනු ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.