Posted on 10.03.2021 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
(TopNews) ලබන වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීමේදී සෞඛ්‍ය ඇතුලු වසංගත සමයේ අත්‍යවශ්‍ය වියදම් කප්පාදු කරමින් ආරක්ෂක අමාත්‍යංශයේ වියදම රු. බිලියන 18කින් ඉහළ නංවා ඇතැයි වාර්තා වේ.
සෞඛ්‍ය ක්ෂේත්රයේ වියදම් ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වූ මොහොතක සෞඛ්‍ය ප්‍රතිපාදන කපා දමා ඇති බවද මහාමාර්ග හා පළාත්පාලන විෂයන් වෙනුවෙන් මහා පරිමාණයෙන් වියදම් වෙන්කර ඇති බවද වාර්තා වේ. මේ වියදම් ඉලක්ක කරන්නේ අත්‍යවශ්‍ය වියදම් සඳහා වෙන් කිරීමට වඩා මාර්ග හා පළා් පාලන ආයතනවල සංවර්ධන ව්‍යාපෘති සඳහා බව අනාවරණය වන අතර එයින් හෙළිදරව් කෙරෙන්නේ ඉදිරියේ එළඹෙන මැතිවරණ සඳහා අවශ්‍ය ජනමතය සකස් කිරීම බව අනුමාන කෙරේ.
ලබන වසරේ රජයේ වියදම් රුපියල් කෝටි 3300කින් පමණ අඩුවන බව මුදල් අමාත්‍යාංශය පවසන අතර එවැනි වියදම් අවම කිරීමේ පියවරයකින් ආණ්ඩුව සපුරා ගැනීමට උත්සාහ කරන්නේ ආර්ථික අර්බුදය ජනතාවගේ සුබසාධන කප්පාදුවකින්න් පියවා ගැනීම බව පෙනී යයි.
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට රු.බිලියන 286.7ක් ද මහා මාර්ග මහාමාර්ග අමාත්‍යාංශයට රු. බිලියන250.1ක් වෙන්කර ඇත.
මේ වනවිට ගුරු අරගලයක් උත්සන්න වී ඇති පසුබිම තුළ ගුරු වැටුප් මෙන්ම පාසල් ආදිය සංවර්ධනය කිරීමේදී අධික වැයශීර්ෂයක් අවශ්‍ය වන නමුත් රු. බිලියන 126.5ක් වූ මේ වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට වඩා බිලියනයක් පමණ වැඩිකර ලබන වසර සඳහා වෙන්කර ඇත්තේ රු.බිලියන 127.6ක් පමණකි.
සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙම වසරේ වැයශීර්ෂය මුදලින් බිලියන 6ක්ම කපා හැර ලබන වසර සඳහා වෙන්කර ඇති මුදල බිලියන 153.5කි. වසංගතය දිවයින පු1රා ව්‍යාප්ත වූ 2020 වසරට සාපේක්ෂව 2021 සඳහා සෞඛ්‍ය වියදම් ශීර්ෂය බිලියන 20කින් කපා හැර තිබුණු බවද මෙහිදී අමතක කළ නොහැකිය.
ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3කි.
මේ ආකාරයට නව මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් ජනතා සුබසාධන කපා හැරෙන විසර්ජන පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.