අයවැය වැඩි ඡන්ද 45කින් සම්මත කරයි – විපක්ෂයේ බෙදීම අනාවරණය වේ

ආණ්ඩුව විසින් පෙබරවාරි 5 වැනිදා ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත පදනම් කරගනිමින් මුදල් ඇමති මංගල සමරවීර ඉදිරිපත් කළ අයවැය ඊයේ(5) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 45 කින් සම්මත විය.
ආණ්ඩුවේ අයවැය තෙවැනි වර කියවීමට පක්ෂව ඡන්ද 119 ක් ද විපක්ෂව ඡන්ද 74 ක් ද හිමිවිය.
විපක්ෂ කණ්සඩායම්හ අයවැය පරාජය කරන බවට ප්‍රකාශ නිකුත් කළ නමුත් අයවැයට ඡන්දය ප්‍රකාශ කිරීමේදී විපක්ෂය බෙදී ඇති ආකාරය අනාවරණය විය. ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ නමුත් ශ්‍රි ල.නි.ප. ඇතැම් මන්ත්‍රිවරු අයවැයට ඡන්දය ප්‍රකාශ කිරීමේදී මගහැර ගොස් සිටියහ.

Chandana Sirimalwatte :