Posted on 01.10.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ස්වාධීන රූපවාහිනී අයතනයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී තනතුරක් සඳහා තම හිතවතෙකු පත්කළ බව ඊයේ(09) පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර පිළිගෙන තිබේ. ඇමතිවරයා මේ බව පැවසුවේ ස්වාධීන රූපවාහිනී ආයතනයේ සේවක නොසන්සුන්තාවයක් පිළිබඳව ප්‍රශ්න කරමින් අනුර කුමාර දිසානායක යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහිදී අනුර කුමාර ප්‍රශ්න කර සිටියේ මංගල සමරවීර විසින් තමන්ගේ හිතවතුන් පස් දෙනෙකු සාමාන්‍යධිකාරී තනතුරු සඳහා පත් කර තිබේද යන්නයි.
තමාට හිතවත් එක් පුද්ගලයෙකු එලෙස පත්කර ඇති බවත් අයිටීඑන් ආයතනය තුළ නියෝජිත ආයතන 357ක් ලියාපදිංචිව ඇති බවත් සෑම සේවකයෙකුම දැන්වීම් ලබාදී කොමිස් මුදලක් ලබාගන්නා බවද මංගල සමරවීර පවසා තිබුණි. එසේම මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ මහින්දගේ දැන්වීම් සඳහා මුදල් නොගෙවීමක් සම්බන්ධයෙන්ද මංගල සමරවීර එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
කෙසේවෙතත් සති කිහිපයක සිට ස්වාධීන රූපවාහිනිය සුරැකීමේ සංවිධානය නම් සංවිධානයක මූලිකත්වයෙන් ස්වාධීන රූපවාහිනිය තුළ සිදුකරන දේශපාලන පත්වීම් සිදුකිරීම නවතා දමන ලෙසට විරෝධතාවයක් දියත්වෙමින් පවතියි.