Posted on 03.18.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව චෝදනා එල්ල වූ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ දක්වාම සිංගප්පූරු රජයෙන් කිසිදු සහයෝගයක් ලැබී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
අද (18) පෙරවරුවේ අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.