தமிழ்
English
Contact
Monday 6th May 2019    
මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපති, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සභාපති ඇතුළු 5ක් රිමාන්ඩ් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපති, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සභාපති ඇතුළු 5ක් රිමාන්ඩ්



බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී.සමරසිරි සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගම් සමුහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස්, පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ සේවය කළ පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල සහ මුතුරාජා සුරේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් පස්දෙනා මේ වසරේ අප්‍රේල් මස (5) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මහ බැංකු බැදුම්කර වංචාවට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීම යන චෝදනා මොවුන්ට එරෙහිව ගොනු කර ඇත.

පර්පචුවෙල් ටෙෂරිස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් යන අයට සහ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති පී.සමරසිංහ යන අය වෙනුවෙන් ඉදිරිපත්වූ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, රජයේ මුදල් භාවිත කරමින් සිදු කරන ලද විශාල වංචාවක සැකකරුවන් වන බැවින් හා රට තුළ ආන්දෝලනයට ලක් වූ සිද්ධියක් වන බැවින් සැකකරුවන්ට ඇප ලබා දීම හරහා මහජන කැළඹීමක් ඇති විය හැකි බැවින් ඇප ලබාදිය නොහැකි බව අධිකරණය පවසා ඇත.