ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති අර්ජුන රනගුංග ඛනිජ තෙල් සංස්ථා සේවකයන්ගේ බාධාකිරීම් නිසා එතැනින් ඉවත්වන්නට නොහැකි අවස්ථාවේදී විශේෂ කාර්ය බලකායේ නිල ඇදුමක් ඇදගෙන එම ස්ථානෙය් තාප්පයකින් පැන පළා ගොස් ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.
සේවකයන් හිටපු ඇමතිවරයා නිලකාමරයේ කිසිවක් ගෙනයන්නට උත්සාහ කිරීමේදී ඔහු වටකරගෙන විරෝධය දක්වා ඇත. එහිදී හිටපු ඇමතිවරයාගේ ආරක්ෂකයා වෙඩිතැබීමෙන් සේවකයකු මරණයට පත්ව ඇත.
මේ අතර, මන්ත්‍රිවරයා මෙම සිදුවීම ගැන සිදුවීම ගැන ප්‍රකාශයක් කරමින් පවසන්නේ වෙනස් කතාවකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස දිවුරුම් දෙනවිට තමන් විදේශගතව සිටි බැවින් අමාත්‍යාංයේ තම නිල කාමරයේ තිබූ තමන් අයත් පුද්ගලික දුව්‍ය රැගෙන යාම සඳහා පැමිණි බවද එම අවස්ථාවේ ඛනිජ තෙල් සේවකයන් පිරිසක් පැමිණ තමන්ට පහරදීමට තැත් කළ බවත් එම අවස්ථාවේ තම ආරක්ෂාව සදහා ආරක්ෂකයකු විසින් වෙඩි තැබූ බවත් මන්ත්‍රිවරයා ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.