දේශපාලන අර්බුදය මධ්‍යයේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (14) ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කර තිබේ.
ඒ අනුව ඩොලරයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 177.62ක් වී ඇති අතර ශ්‍රී ලංකා රුපියල එතරම් පහත අගයකට වැටුණු පළමු අවස්ථාව එය විය.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයකට ගෙවන ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය 177.62ක් වූ අතර ගැනුම් මිල 173.72ක් විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 9 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 12.7කින් අවප්‍රමාණය වී තිබෙන අතර ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ ආයතනයක් වන රෙෆිනිටිව් ඉකෝන් දත්තවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 14.4කින් අවප්‍රමාණය වී ඇත.