Posted on 09.18.2018 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
ඇෆ්ගනිස්ථානය හා පැවැති එක් දින තරගයෙන් ලකුණු 91 පරාජයක් ලැබීම හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත්ව යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.
ආසියානු කසලාන ආරම්භක තරගය වූ බංග්ලාදේශය වෙතින් ලද පරාජයෙන් පසුව ආසියානු තරගාවලියේ තවදුරටත් රුදීසිටීමට නම් ඊයේ පැවැති ඇෆ්ගනිස්ථානය සමග තරගයෙන් ජය ගත යුතු තිබුනි.
කාසියේ වාසිය ලබා ගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය ඉනිම සදහා ලකූණු 249 ලබා ගැනීමට සමත්වීය. එම ඉනිම වෙනුවෙන් රාමට් ෂා ලකුණු 72ක්ද, ඉසනුල්ලා ජානට් ලකුණු 45ක්ද, මොහොමඩ් ශෙහාඩ් ලකූණු 34ක්ද, හස්මතුල්ලා ශාහිඩ් ගකුණු 37ක් ලබා ගනිමින් සිය ඉනිමි ශක්තිමත් කිරීමට සමත්විය.
දැවී ගියේදසදහා
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 41යි පන්දු දෙකකදී සියලු දෙනාම දැවී ගිය අතර ලබා ගැනීඹට හැකිවූයේ ලකුණු158ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් ස්ථාවරව පන්දුවට පහරදීමේදී උපුල් තරංග ලකුණු 34ක්ද,ඇංජලෝ මැතිව්ස් ලකුණු 24ක්ධ. ධනංජය සිල්වා ලකුණු 24ක්ද තිසර පෙරේරා ලකුණු 25ක්ද ලබා ගැනීඹට සමත්විය.