தமிழ்
English
Contact
Saturday 4th May 2019    
ආගම තියෙනවා නම් මානව හිමිකම් කතා වැඩක් නෑ ! - අගරදගුරු මැල්කම් රංජිත් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආගම තියෙනවා නම් මානව හිමිකම් කතා වැඩක් නෑ ! – අගරදගුරු මැල්කම් රංජිත්



මේ වනවිට බටහිර ලෝකයේ මානව හිමිකම් යනු ආගමක් බවට පත්ව තිබෙන බවත් මානව හිමිකම් පැමිණියේ ඊයේ පෙරේදා බවත් ආගම අදහන්නන්ට මානව හිමිකම් අවශ්‍ය නැති බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් පවසයි.
අගරදගුරුවරයා මේ අදහස් පළ කළේ ඊයේ (23) ඒකල ශාන්ත මතෙව් දේවස්ථානයේ දේවමෙහෙයකට සහභාගි වෙමිනි.

ජාතිකවාදීන්ගේ ඇදහිල්ල අනුව යුද්ධයේදී සිදුව ඇති අපරාධ වසා දමන්නට පාලකයන් ගෙන යන උත්සාහයට අනුබල දෙමින් අගරදගුරුතුමන් කළ කතාවේ මෙසේද සදහන් විය.

“අතීතයේ මානව හිමිකම් කියලා දෙයක් නොතිබුණු නමුත් මිනිසුන් ආදර ගෞරවයෙන් හා දෙවියන්වහනසේ කෙරෙහි විශ්වාසයෙන් වාසය කළ බව අගරදගුරුවරයා පවසා සිටියේය. මේක හරියට අලුතින් හොයාගත්ත පුදුමාකාර දෙයක් වගේ එයාලා හැම තිස්සේම අපට කියන්නේ ඕක තමයි. මානව හිමිකම්, මානව හිමිකම් යනුවෙන් නිතර මතුරන යුරෝපා රටවල ආගම අදහන්නේ කෝට් එකක් අදිනවා වගේ. අවශ්‍ය වෙලාවට ඇදලා අවශ්‍ය නැති වෙලාවට ඉවත දමනවා. වාසියක් අවශ්‍ය වෙලාවට ආගම අදහන බවත් පරිත්‍යාගයක් කළ යුතු වෙලාවට ආගම ඉවත දමන බවද ඔහු කියා සිටියේය. අපේ රටෙත් මේ දේ පැතිර යනවා. සමහර ඈයො කතා කරනවා අනාගමික සමාජයක් ගැන. කෑම බීම, ඇදුම් පැලදුම්, සැල සම්පත් තියෙනවා නම් ඇති. ඊට වඩා වෙන මොනවත් ඕන නෑ. සිංහල සමාජයේ ඉස්සර කිව්වා, කාපල්ලා  බිපල්ලා ජොලි කරපල්ලා, හෙට මැරුණත්  හිතට සැපයි අද ජොලි කරලා. අපි ආගම අදහනවා නම් මානව හිමිකම් ගැන කතා කරන්න ඒන නැ. අපි අදහන ආගම්වල මානව හිමිකම් තමයි තියෙන්නෙ. වෙන මොනවද? ඒ නිසා ආදරණීය සහෝදර සහෝදරයිනි, මේ මායාවට අපි රැවටෙන්න හොද නෑ. අපි මෙහිදි බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.”

අගරදගුරුවරයා මෙසේ කතා කරන්නේ යුද්ධය සමයේ මානව හිමිකම් අපරාධ පිළිබදවත් වර්තමානයේ මානව හිමිකම් අහිමි කිරීම් පිළිබදවත් ගැටලු රාශියක් පවතින තත්වයක් යටතේය. එවැනි මානව හිමිකම් ගැටලු පිළිබද ජාත්‍යන්තර අවධානයක් යොමුව ඇත්තේ මනුෂ්‍යත්වයට පිළිගත නොහැකි තරම් අපරාධ හෙළිව ඇති තත්වයකදීය. මේ දක්වා ඒ පිළිබද කිසිවක් වචනයක් පවා නොපවසා අගරදගුරුවරයා දේශනා කරන මේ අදහස් පාලකයන්ගේ අවශ්‍යතාවය ඉටු කරන්නකි. අගරදගුරුවරයා වර්ණනාත්මකව කියන ඇදහීම මෙන්ම ඔහු දෝෂාරෝපණය කරන ආගම නොඇදහීමද ලෝකයම පිළිගත් මානව අයිතිවාසිකමකි. කතෝලික ආගම අදහන්නන්ට මෙන්ම වෙනත් අාගම් අදහන්නන් වේවා ආගම් ඇදහීම ප්‍රතික්ෂේප කරන සමස්ත ජනතාවගේම පොදු අයඅතියක් ලෙස මානව හිමිකම් පිළි නොගනිමින් අගරදගුරුවරයා  අන්‍යයන්ගේ පැවැත්ම ආදරයෙන් පිලිගන්නාට යැයි දෙසූ යේසුස් ක්‍රිස්තුන්ගේ ඉගැන්වීම් පවා අවමානයට ලක් කරයි. බටහිර පිළිබද ගර්හා මුඛයෙන් අදහස් දක්වන්නට පෙරාතුව බටහිරෙන් ගෙන ආ කතෝලික දහම හා ලෝගුව අත්හැරිය යුතු යැයි කිසිවකු යෝජනා කළ හොත් අගරදගුරුතුමන්ට තම මානව හිමිකම් සිහිපත් වන්නට ඉඩ ඇත.