ආණ්ඩුවක් පිහිටුවන්න ‘ජාතික ජනබලවේගය’ සූදානම්! – අනුර කුමාර දිසානායක
Posted on 05.11.2022 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
(TopNews) රට තුළ උද්ගතව ඇති වර්තමාන දේශපාලන අර්බුදයට විසඳුම් ලෙස ආණ්ඩුවක් පිහිටුවා ඉදිරි කටයුතු කිරීමට ‘ජාතික ජන බලවේගය’ සූදානම් බව ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක පවසයි.
මේ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉවත්වී කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව පවසමින් ජ.වි.පෙ. නායකයා විසින් අද(11) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කරන ලද කෙටිකාලීන යෝජනා ගණනාවකි.
- වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ධුරයෙන් ඉවත්වන්න.
- කතානායකවරයා තාවකාලිකව ජනාධිපති ලෙස දිවුරුම් දෙන්න.
- මාස හයක් තුළ මැතිවරණ පවත්වන්න.
- ඒ මාස හය තුළ ආණ්ඩුවකට නායකත්වය දෙන්නට ජාජබ සූදානම්. ඒ සඳහා පාර්ලිමේන්තුවේ සහාය අවශ්‍යයි.
- එහෙම නැතිනම්, වෙනත් අන්තර්වාර පාලනයකට ජාජබ සහාය විපක්ෂයේ සිට
- කවර හෝ ආකාරයකින් පත්වන එම ආණ්ඩුව විසින් විධායක ජනාධිපති බලය හා වර්තමාන ජනාධිපතිගේ ධුර කාලය සීමා කරන 21වන සංශෝධනයක් ගෙනආ යුතුයි.
- ජනතාවගේ බරපතල ආර්ථික පීඩනය අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය සහන දිය යුතුයි.
- විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනආ යුතුයි.
- මාස හයක් ඇතුළත මහමැතිවරණයක් සමගම විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීම සඳහා ජනමත විචාරණයත් එකවිට පැවැත්විය යුතුයි.
- තාවකාලික ආණ්ඩුවේ කටයුතු නිරීක්ෂණය සඳහා අරගලකාරී මහජන නියෝජනය සහිත අධීක්ෂණ කමිටුවක් පත්කරගත යුතුයි.