Posted on 12.10.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
සීනි කිලෝවක් ආනයනය සඳහා තිබූ රුපියල් 50 බද්ද ශත 25 දක්වා අඩු කිරීම තුළින් රජයට මාස දෙකක් ඇතුළත රුපියල් බිලියන 10 ක පමණ බද්දක් අහිමිව ඇතැයි ද එම තීන්දුව ගනු ලැබුවේ වියත්මගේ සාමාජිකයින් විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසා තිබේ.
ඔහු පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්රචාරක ව්‍යාපෘතිවලට සහයෝගය ලබා දුන් ඔහුගේ ගජමිතුරු ව්‍යාපාරිකයෙකු වන විල්මා ආයතනයේ අයිතිකරු සජාත් මව්සින් වෙනුවෙන් බදු අඩුකිරීම සිදුකර ඇති බවයි.
ලංකාවේ වාර්ෂික සීනි අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ හයාමාරක් පමණ වුවත් ශත 25 බදු අඩු කිරීමෙන් පසු මේ මාස දෙක ඇතුළත විල්මා ආයතනය සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් පමණ ආනයනය කරමින් සිටින බව අනුර කුමාර දිසානායක පවසයි.
මෙම ආණ්ඩුව ගජ මිතුරන්ට සැළකීමට යාම හරහා අවසානයේ සිද්ධ වී ඇත්තේ ආණ්ඩුවට බද්දත් නැතිවී ජනතාවට අඩුමිලට සීනිත් නැතිවීම බව අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පවසා තිබේ.