Posted on 05.18.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මැයි 9 වැනිදා ගාලු මුවදොර ප්‍රහාරයට පසු ඊට විරෝධය පළ කිරීමේදී ඇති වූ ප්‍රචණ්ඩ තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සහ හමුදාව කැඳවා නොගත්තේ මන්දැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විමසා ඇත.
එදින ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස ජනතා විමුක්ති පෙරමුණ සිටින බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ජ.වි.පෙ. නායකයා අද(18) මෙසේ ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මැයි 9 වැනිදා සිදු වූ ගිනි තැබීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නැති බවත් සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීම සහ ඉන් පසුව ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඔහු පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
තම පක්ෂය සිදුවන ඕනෑම පරීක්‍ෂණයකට මුහුණ දීමට අපි සූදානම් බවද ගම්පහ, අනුරාධපුරය, කඹුරුපිටිය, දෙනියාය සහ දෙවුන්දර යන ප්‍රදේශවල සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් නොවන බවද ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පැවසීය.
එදින ඇති වූ තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සහ හමුදාව නොකැඳවූයේ ජනාධිපතිවරයාගේ සහ හිටපු අගමැතිවරයාගේ බල අරගලය හේතුවෙන් බව ඔහු පැවසීය.