දිගින් දිගටම පාර්ලිමේන්තුවේ ගනපූර්ණය නොමැතිව සභාවාර අවලංගු කිරිමට සිදුවන නිසා මැතිඇමතිවරුන්ගේ විදේශ ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි පාලනය කිරීමට අගමැතිවරයා උපදෙස් දී තිබේ.
පසුගිය කාලය තුළ අගමැතිවරයා ඇතුළු මැති ඇමතිවරු විවිධ විදේශ ගමන්වල නිරතවිමත් වෙනත් හේතු නිසා පාර්ලිමේන්තුවේ ගනපූර්ණය නොමැති බවට නිවේදනය කරමින් පාර්ලිමේන්තු සභාවාර කල්තැබීම හෝ අවලංගු කිරීම සිදුවිය. මේ නිසා ඇතැම් අවස්ථාවල අමාතයංශවල පරිපූරක ශීර්ෂ සම්මත කරගැනීමට නොහැකි විමෙන් විශේෂයෙන් බලපාන ගැටලු විසදාගන්නට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බව අගමැතිවරයා පෙන්වා දී ඇත.
මේ නිසා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට විශේෂ සෞඛ්‍ය හේතු වලදී හැර විදේශ ගමන් තහනම් කරන්නට තීරණය කර ඇත. ඉදිරියේ එළඹෙන අයවැය යෝජනා විවාදයන් සම්බන්ධයෙන් මෙය තදින්ම ක්‍රියාත්මක කරන්නට නියමිතය.