தமிழ்
English
Contact
Wednesday 20th April 2022    
ආණ්ඩුව පරාජය භාර ගනී - සමාජ මාධ්‍ය වාරණය ඉවත් කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුව පරාජය භාර ගනී – සමාජ මාධ්‍ය වාරණය ඉවත් කරයි!



සමාජ මාධ්‍ය වාරණය කරමින් ජනතා විරෝධය මැඩ පැවැත්විය නොහැකි බව දිනයක් තුළ සනාථවීමෙන් පසුව ආණ්ඩුව සමාජ මාධ්‍ය වාරනය අවසන් කර ඇත.

ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති හා ආර්ථික වැඩපිළිවෙළ නිසා ජනතාව මුහුණ දෙන පීඩාව සම්බන්ධ පැන නැගෙන විරෝධතා සංවිධානය කිරීම සහ ඒ පිළිබඳ පුවත් ප්‍රචාරයවීම වැළැක්වීමට සමාජ මාධ්‍ය වරණයක් ක්‍රියාවට නගනු ලැබිණි.

ඊයේ(2) සිට මෙම සමාජ මාධ්‍ය වාරණය ක්‍රියාත්මක කළේ හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීමත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමටත් අමතරවය.

කෙසේවෙතත්, අද දිනයේ පෙරවරුව අවසන් වනවිට රට පුරා විරෝධතා ගණනාවක් වාර්තා විය. වඩාත් බලවත් ලෙස විරෝධතා ව්‍යාපාර සංවිධානය කිරීමට සමාජ මාධ්‍ය අවශ්‍ය නොවන බව ප්‍රායෝගික ලෙස අනාවරණයවීඹත් සමග ආණ්ඩුව සිය පරාජය භාරගෙන ඇත.

මීට සුලු වෙලාවකට පෙර ආණ්ඩුව නිවේදනය කළේ සමාජ මාධ්‍ය වාරණය ක්‍රියාත්මක කළේ විවිධ කලබලකාරි ක්‍රියාවලට සමාජ මාධ්‍ය සම්බන්ධ බවට බුද්ධි අංශ විසින් ඉදිරිපත් කළ වාර්තා අනුව බවයි.

නමුත් එවැනි ප්‍රශ්නයක් ඇති වීමේ ඉඩක් නොමැති බව අද දිනයේ බුද්ධි අංශ දුන් වාර්තාවකට අනුව සමාජ මාධ්‍ය වාරණය ඉවත්කරන බව එහිදී ප්‍රකාශයට පත් විය.

සමාජ මාධ්‍ය වාරණය ක්‍රියාත්මක කළද විවිධ ක්‍රම මගින් සමාජ මාධ්‍ය තුළ සන්නිවේදන කටයුතු පවත්වා ගැනීමට විරෝධතාකරුවන් කටයුතු කරන ලදී. ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මේ සම්බන්ධ සිය පෞද්ලික අදහස ඉදිරිපත් කරමින් proxy server, vpn වැනි ක්‍රම හරහා සමාජ මාධ්‍ය පරිහරණය පහසු වී ඇති තත්වයක සමාජ මාධ්‍ය තහනම නිශ්පල බවත් එම නිසා එම වාරණය ඉවත් කළ යුතු බවත් පවසා තිබිණි.