Posted on 12.26.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
උතුරු පළාත, මධ්‍යම සහ වයඹ පළාතද ඇතුළුව දිස්ත්‍රික්ක හතක පවුල් පවුල් 26,314කට අයත් 82,275 දෙනෙකු ජලගැලීම්වලින් පීඩාවට පත්වී ඇතිවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
උතුරු පළාතේ මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව සහ යාපනය යන දිස්ක්‍රික්කවල ප්‍රදේශ රැසක ද මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ද, වයඹ පළාතේ පුත්තලම දිස්ක්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ද ජලගැලීම් හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටියි.
ජලගැලීම්වලින් අවතැන් වූ පවුල් 2,803කට අයත් 8,517 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන 30ක රැඳී සිටින බව වාර්තා වේ.
ගං වතුරට හසුවීමෙන් යාපනය දිස්ත්‍රික්කයේ අයෙක් මියගොස් ඇත.
වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත‍්‍රික්කයන්ටය.
මෙම තත්ත්වය හේතුවෙන් නිවාස 28ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 500කට අර්ධ හානි සිදුව ඇති බව ද පැවසේ.