Posted on 11.12.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ පවුල් 1388 අයත් පුද්ගලයින් 4472 දෙනෙකු ජලගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය පවසා තිබේ.
දින කිහිපයක කාලයක් අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් යාපනය , කිලිනොච්චිය , මුලතිව් , මන්නාරම හා වවුනියාව යන දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව තිබේ.
ජලගැලීම් හේතුවෙන් වැඩිම බලපෑම කිලිනොච්චිය දිස්ත්‍රික්කය වන අතර එහි පවුල් 582 අයත් පුද්ගලයින් 1910 පීඩාවට පත්ව සිටිති.
මුලතිව්, කිලිනොච්චිය හා වවුනියාව යන දිස්ත්‍රික්කවල විශාල වශයෙන් නවීකරණය කළ වැව් කැඩීයාම හේතුවෙන් මෙලෙස ජනතාව විශාල පිරිසක් පීඩාවට පත්ව ඇතැයි පැවසේ.
එසේම කුඩා වැව් පවතින ප්‍රදේශවල ජනතාවට වැව් උතුරා පිටාර ගැලිය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.